Alison, online learning

මේ දව්ස් වල සාපෙ ඉවරවෙලා අපේ කොල්ලො එක එක Courses වලට Classes යන හින්ද මටත් හිතුන නිකන් ගෙදර ඉන්න එකේ මොනවහරි ඉගෙන ගන්න ;) ඉතින් මාත් ගෙදර ඉදලම වැඩේ පටන් ගත්ත. දැන් නන් වැඩේ නැගල යනව :D

ඉතින් මන් හිතුව මේ ගැන දන්නැති අනිත් කට්ටියටත් දැනගන්න එක්ක පෝස්ට් එකක් දාන්න. මේ වෙබ් සයිට් එක ගැන ගොඩක් අය දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි.මේ සයිට් එකේ නම Alison.com මේකෙ විවිධ ක්ෂේත්‍ර ගැන අපිට ගොඩක් හොද පාඨමාලා නොමිලේම ඉදිරිපත් කරල තියනව වගේම ඒ පාඨමාලා වල ගුණාත්මක භාවයත් ඉතාම ඉහල මට්ටමක තියෙන විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නෙ.

ඒ වගේම තියෙන Lessons ඇක්ට්ව් විදිහට Study කරන්නත් පුලුවන්. ඉතින් ඔයාලත් alison.com එකට ගිහිල්ල අදම වැඩ පටන් ගත්තොත් නරකද? ;)

Comments

  1. ම් ම් මම නම් දැන ගෙන හිටියෙ නැහැ මේ ගැන. බොහොම ස්තූතියි මල්ලියා හසිත මලේ දැනුවත් කරාට.

    ReplyDelete
  2. අපිත් ගිහිල්ල බලන්නම්කෝ.ස්තුතියි.

    ReplyDelete
  3. හසිත මෙ සයිට් එක ගැන මගෙ පැහැදිමක් නැහැ...මුලික දෙවල් නම් තියනවා.. එ වුනාට වැඩි පුරම ඇඩ් වලින් පුරොලා, ඔයා ලින්ක් එකකට ක්ලික් කරද්දි වැරදුනොත් ඇඩ් එකකට ක්ලික් වෙන විදියට හදලා තියන්නෙ.. ඔයා ගෙ විෂයන් මොනවද..?

    ReplyDelete
  4. @Free Coursesබොහොම ඉස්තූතියි!@Wath,Madhawa Habarakadaදෙන්නම ගිහිල්ල බලන්නකො.ඉගෙන ගන්නවනම් මරු@රවාඇඩ් නම් වැඩී තමා....ඒත් මට තාම ක්ලික් වුනේ නම් නෑ.මම තාම ඔෆීස් 2003 කරන්නෙ.පාඩම් නම් පට්ටටම තියෙනව.

    ReplyDelete
  5. ස්තූතියි සහෝදරයා

    ReplyDelete
  6. ගොඩාක් ස්තුතියි මමත් ගිහින් බලන්නම් මල්ලි

    ReplyDelete
  7. තෑන්ක්ස් සහෝ කියාදුන්නට, Good Luck with your Exam !

    ReplyDelete
  8. @හෙළයා,හසී,දමිත්මගෙ බ්ලොග් සටහන කියෙව්වට ඔයාලටත් ස්තූතියි

    ReplyDelete
  9. කෝ කෝ ...මාත් නිකමට මේ පැත්තෙ කැරකුනේ ..පොඩ්ඩක් ගොහිං විපරං කොරන්ඩ ඕනා

    ReplyDelete
  10. @Bhagya රාජපක්ෂඑල එල භාග්‍ය අයියෙ.....ගිහින් බලන්න

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයා යන්නම ගිහින් නිසා

Tweak your natty narwhal (ubuntu 11.04)

අදට මාස හතරක්