Posts

Showing posts from May, 2010

අපිත් දැන් ෆුල් නිදහස්

Image
මේ දවස් වල නම් මට අල ගෝනි පිටින් හම්බු වෙලා තිබ්බෙ. ඒ මදිවට මගෙ සවුන්ඩ් කාඩ් එක වැඩ නැතිව මාව අනාතත් උනා. කොහොමින් කොහොමින් හරි දන්න ගැට සේරම දාල වැඩේ ගොඩ දාගත්ත කියමුකො… මට පොඩි අයිඩියා පාරක් ආව ෆුල් ෆොස් වෙන්න ;)

මන් හෙන කාලෙක ඉදල උබුන්ටු පාවිච්චි කලාට ඒ හැම වෙලාවකම Windows & Ubuntu Dual boot විදියටයි දාල තිබ්බෙ. වින්ඩෝස් දාල තිබ්බෙ මොකක් හරි කරද්දි මගදි කෙල වුනොත් මන් නස්තාර් වෙන හින්ද. අද උදේ

FOSS for windows

Image
වර්ථමානයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය හා දැනට වැඩිපුරම භාවිත කරන වාණිජ මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස්(Windows) මෙහෙයුම් පද්ධතිය සදහා භාවිත කල හැකි නිදහස් හා විවෘත මෘදුකාංග ඉතා විශාල සංඛ්‍යාවක් තිබුණත් ගොඩ දෙනෙක් තාමත් පාවිච්චි කරන්නෙ ව්‍යාජ මෘදුකාංග පිටපත්(Software Pirate Copies).

නමුත් මේ වෙනුවට කිසිදු මුදලක් වියදන් නොකර ඉතා ඉහල මට්ටමේ විවෘත මෘදුකාංග(Open Source Software) පිටපත් නොමිලයේම භාවිතා කරන්න පුලුවන්.

What is FOSS?

අපි නොදන්න FOSS කිව්වට නිදහස් හා විවෘර්ත මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව ගොඩක් දෙනා දන්නවා. නමුත් තුන්වන ලෝකයේ රටක් වන ශ්‍රී ලංකාව තුල පරිගණක භාවිතය වැඩි වීමත් සමග වාණිජ මෘදුකාංග වල ව්‍යාජ පිටපත් හාවිතය අපි කාටත් අත් දකින්නට ලැබෙන සුලභ කරුණකි.

මුල් කාලයේදී අප රටේ පරිගණක අපරාධ සම්භන්දයෙන් බලාත්මක නීතියක් නොතිබුණු අතර 2007 දී පරිගණක අපරාධ පිළිබද පණත බලාත්මක කිරීමත් සමග පරිගණක ආශිත ක්‍රියාකාරකම් සාධනීය ලක්ෂණ ඉස්මතු විය.ඒ අනුව වාණිජ මෘදුකාංග වල ව්‍යාජ පිටපත් අලවිය