Create simple home network | part 1

මට මේ ලගදි මගෙ කම්පියුටර්ස් දෙක එකට නෙට්වර්ක් කරගන්න ඕන උනා. (දෙකම ඩෙක්ස්ටොප් මට කොයින්ද ලැප්ටොප් :P) ඉතින් මන් කොහොමහරි විදෙශ ආධාරත් ඇතුව දෙක එකට නෙවර්ක් කලා.

හැබැයි පරිගණක දෙකකට වැඩිය නෙට්වර්ක් කරන්න නම් ඒගැන විශේෂයෙන්ම ඉගෙනගන්නත් වෙනව වගේම විශේෂ උපකරණත් ඕනෙ. තව මේ වැඩේට යම් මුදලකුත් වියදම් වෙනව. (අපි වගේ රැකියා විරහිත පාසල් ශිෂ්‍යයින්ට කොහෙන්ද ඕවට මුදල් :D) නමුත් කිසි ගින්නක් නැතුව පරිගණක දෙකක් නම් එකට නෙට්වර්ක් කරගන්න පුලුවන්. (ගොඩක් අය ගාව ලැපකුයි, ඩෙක්ස්ටොප් එකයි තියෙන නිසා මේ විදියට ලේසියෙන්ම ඒව නෙට්වර්ක් කර ගන්න පුලුවන්) එදිනෙදා වැඩ වලදි ඒක ලොකු පහසුවක්නෙ. කේබල් එකක් නැතුව Bluetooth වලින්නුත් මේ දේම කරගන්න පුලුවන්.

ඉතින් දෙක එකතුකරන්න ඕන කම්පියුටර්ස් දෙකටම නෙට්වර්ක් කාඩ්(Network Card) තියෙන්න ඕනෙ. (ලැප්ටොප් හැම එකකම වගේ නෙට්වර්ක් කාඩ් තියෙනව. ඩෙක්ස්ටොප් එකේ කාඩ් එකක් නැත්තන් ඕනම පරිගණක වෙලද සලකින් රු.850/- විතර නෙට්වර්ක් කාඩ් එකක් ගන්න පුලුවන්) මීට අමතරව ඕන වෙන්නෙ ක්‍රොස් ඕවර් කේබල්(Crossover Cable) එකක් විතරයි. (මේකත් කඩේකින්ම ගන්න පුලුවන් වගේම අපිටම හදා ගන්නත් පුලුවන්...පොඩි ගානයි වෙන්නෙ) මේව හරිගස්ස ගත්තට පස්සෙ ක්‍රොස් ඕවර් කේබල් එක නෙට්වර්ක් පෝට් දෙකට සවිකරල කම්පියුටර්ස් දෙක ඔන් කරන්න. දැන් වැඩෙන් භාගයක්ම ඉවරයි. දැන් තියෙන්නෙ කම්පියුටර්ස් දෙකට අයිපී ඇඩ්‍රස්(IP Address) දීල දෙන්නව හදුන්වල දෙන එක.

මේ ව්ගේ පෞද්ගලික ජාල (Private Natwork) සදහා සරලව භාවිතා කරන්න පුලුවන් අයිපී ඇඩ්‍රස් පරාස කීපයක්ම තියෙනවා. නමුත් මේකෙදි මන් පාවිච්චි කරන්නෙ 192.168.0.0 – 192.168.255.255 යන අයිපී ඇඩ්‍රස් පරාසයයි. මතක තබා ගැනීමේ පහසුවට මම මේකෙදි එක ලග තියෙන අයිපී ඇඩ්‍රස් දෙකක් ගන්නවා.මේ අනුව මන් පාවිච්චි කරන්නෙ 192.168.1.1 සහ 192.168.1.2 යන අයිපී ඇඩ්‍රස් දෙක.

ඊළග ලිපියෙන් බලමු කොහොමද මේ දෙක එකට එකතු කරගන්නෙ කියල. ඒ ටික දානකන් ඔයාල Crossover Cable එකක් එහෙම හොයා ගෙන වැඩේට රෙඩි වෙන්නකො. ;)

ලිපියේ ඉතුරු කොටස මෙතනින් කියවන්න

Comments

  1. "රැකියා විරහිත පාසල් ශිෂ්‍යයින්ට" හික්ස් :)අදමයි මෙහෙම එකක් ඇහුවේ. මීට් ඉස්සර අහලා තිබ්බේ රැකියා විරහිත උපාධිධාරීන් කියලා විතරයි.....

    ReplyDelete
  2. අළුත් අළුත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී. ඔහොම හිතමු මලයා මට පේනවා කවදා හරි මලයා නොබෙල් තෑග්ගකුත් ගන්නවා :)

    ReplyDelete
  3. @Hasithaහික්zzz අයියත් මාර කතා තමයි කියන්නෙ

    ReplyDelete
  4. නියම පෝස්ට් එකක් ... ගුඩ් ලක් මචන් ! - මීට තවත් ‍රැකියා විරහිත පාසල් ශිෂ්‍යයෙක්...

    ReplyDelete
  5. ඉස්සර නෙට්වර්ක් කරා බං ගෙදර තිබ්බ මැශින් දෙක....ඉස්සර පට්ටට ගේම්ස් ගැහුව ගෙදර ඉඳන්...ගෙදරම GAME ZONE එකක් ...එකකට කෙළ උනා....ඒක නිසා දැන් ඉතින් ඒක මුල්ලකට දාලා තියනව බං ...:( එළ එළ !!

    ReplyDelete
  6. @දමිත් : Lahiruතැන්ක්ස් මචෝ@Bhagya රාජපක්ෂඋබ කොහොමත් සිරා වැඩකාරයනෙ බන්...මට පෝට් ප්‍රෝගැමින් ආසාවක් ගැහුවෙත් උබෙන්ම තමා අනිව ලිනක්ස් වලටත් දාන්නම්

    ReplyDelete
  7. එක්කෙනෙකුට ඩෙස්ටොප් කම්පියුටර් දෙකක් මොකකටද අප්පා.ස්වඋත්සහයෙන් වැඩ කරලා තියෙනවා. නියමයි.

    ReplyDelete
  8. නියමයි කොල්ලෝ . . හරිම සතුටුයි උඹලා වගේ දක්ෂයෝ දැක්කාම . . ඊට වඩා සතුටු තමනගේ දැනුම අන් අය හා බෙදා ගන්න ඕන කියන උඹලගේ ජීවන දර්ශනය . . ජය වේවා . .

    ReplyDelete
  9. එල එල දිගටම ලියහන් මල්ලී !!!

    ReplyDelete
  10. @කසුන් නදීශනමේක මගෙ පරණ එක අයියෙ@දුකාබොහොම ස්තූතියි අයියෙ@හිඟන්නාඅයියටත් බොහොම ස්තූතියි

    ReplyDelete
  11. මට නම් ටෙක්නොලජි කියන එක වැඩිය තේරෙන්නෙ නැහැ... ඒත් හිසිත මලයගෙ බ්ලොග් එක බලන එක පුරුද්දක් වෙලා.. ඒ නිසාම සම්පුර්ණ දේම නොතේරුනත්... වචනයක් දෙකක් හරි ඉගෙන ගත්තා...කට්ටිය කියන විදිහෙන් නම් ඔයා හරි හපනෙක් වගේමගේ සුබ පැතුම්

    ReplyDelete
  12. මල්ලි මෙහෙම කම්පියුටර් දෙකක් එකට එකතු කිරීමෙන් අපිට ලෑබෙන වාසි නෑත්නම් මොන වගේ දේවල් වලටද ප්‍රයෝජනවත් වෙන්නෙ?

    ReplyDelete
  13. @Wathඅනේ අක්කෙ මන් මේ මේ ලොකු දෙයක් නෙමේ කලේ..මේ සූටි කේස් එකක් නේඅක්කගෙ සුබ පැතුමට බොහොම ස්තූතියි@Nuwanඅයියෙ මේ විදියට කලාම අපිට පරිගණක දෙකේම ෆයිල් හුවමාරු කරගන්න පුලුවන්... ඒ වගේම එක පරිගණකයක තියෙන අන්ත‍ර්ජාල සබදතාව උනත් අනිත් එකත් එක්ක ශෙයා කරගන්න පුලුවන්

    ReplyDelete
  14. මල්ලියේ සිංහලෙන් ලියනකොට කලබල නැතුව ලියන්න. එතකොට ඔයාගේ සටහන ගොඩක් පැහැදිලියි.

    ReplyDelete
  15. අඩෝ දාපිය ලිනක්ස් ජනෙල් නෙට්වර්ක් එකක් හදා ගන්න වීදිය :-D මට ඔක කරන්න ගියාම හැමදාම අමතක වෙනවා :-D පස්සෙ උබේ බලොග් එක දිග ඇර ගත්තනම් හරිනෙවැ ;-)

    ReplyDelete
  16. Long time ago i tried to network two computers with null modem cables,then i succesed using ethernet,you van get NIC card for just Rs200 from a used parts shop.then i tried to network using telephone line using modems as http://nagaadaviya.blogspot.com/2008/12/blog-post... (exactly as dialup internet connections),check that out too,google "dial-in server"

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ඔයා යන්නම ගිහින් නිසා

Tweak your natty narwhal (ubuntu 11.04)

අදට මාස හතරක්