Posts

Showing posts from October, 2011

අහන් ඉන්න - අහගෙන ඉන්න, මගෙ හිත මොනවද මුමුණනව

ටික කාලෙකෙට කලින් යූටියුබ් එකේ අහම්බෙන් වගේ හම්බුනු සින්දුවක් උනත්, ඇහුවම මාර විදියට ෆීල් වෙච්ච හින්ද ඒ දවස් වල ඕක ගැන තිබ්බෙ ආදරයක් සහ "ඇම්මක්". ඒත් කාලෙත් එක්ක ඔය සින්දුව ගැන තිබ්බ "ඇම්ම" අඩුවෙලා ගියාට ඉන්ද්‍රචාපගෙ රොක් වර්ශන් එක ගොඩක් වෙලාවට මගෙ අතින් ප්ලේ වෙන සින්දුවක්. ඒවගේම "මේකලා ගමගේ" ගැන ගොඩක් විස්තර දැනගත්තන් ඇයව දකින්නෙ හම්බු වෙන්නෙ "අහන් ඉන්න අහගෙන ඉන්න" සින්දුවෙ වීඩියෝ එකෙන්.

හ්ම්ම්... කෙනෙක් ඉපදෙනකොට මොකක් හරි අඩුපාඩුවක් තියෙනවනන් මගේ ආගමේ හැටියට ඒ එයා පෙර ආත්මෙක කරපු පවක් කියලයි කියන්නෙ... ඒත් වෙලාවකට ඒ පව් කරපු මිනිස්සු එක්ක බලද්දි එයාල අපිට වැඩියෙ සිය දහස් ගුණයක් ඉස්සරහින් කියල හිතෙන වාරගණන අනන්තයි. මේකලත් අන්න ඒ විදියෙ කෙනෙක් මටනන්.

කොහොම උනත් අවුරුද්දකට විතර පස්සෙ ලියන මේ පෝස්ට් එකෙන් ආයෙත් ලියන්න යන්නෙ මේ සින්දුව ගැනනන් නෙමේ.

"විශේෂ අවශ්‍යතා තියෙන අය" එහෙම නැත්තන් අපි වගේම හිතන අපිට වගේම අවශ්‍යතා
 හා වුවමනා තිබුනත් ඒව තෘප්තිමත් කරගන්න තව කෙනෙක්ගෙ උදව්වක් ඕන කරන අය (මේ පැහැදිලි කිරීම ගොඩක් දුරට වැරදි වෙන්න පුලුවන්, ම…