Posts

Showing posts from July, 2012

ඔයා යන්නම ගිහින් නිසා

ඇස් දෙක දිහා බලන් ආදරෙයි නොකියද්දි හිතුවෙ ඒ ඔයාගෙ හැටි කියල ආදරේ වෙනුවෙන් හැමෝම කැපකිරීම් කරද්දි ඔයා එහෙම නොකලත් මන් ඔයාට ආදරේ කලා ඒ ආදරේ තරමටම මන් ඔයාව විශ්වාස කලේ මගෙ ආදරේ ඔයාව වෙනස් කලා කියල හිතපු නිසා ඒ විශ්වාසය දවසින් දවස ඔයාට මාව ලං කලා නොහිතපු තරම් ලං වෙලා මටත් වඩා මන් ඔයාට අවංක වෙද්දි ඔයා නැතුව ඉන්න බැරි තරමටම මට ඔයාව ඕන වෙද්දි හීනෙන්වත් හිතුවෙ නෑ ඔයා මට විහිලුවටවත් බොරු කරයි කියල ඒත් මම වැරදියි කියල හිතෙද්දි දැන්නෙනෙ දුකක්ම නෙමේ එකම එක කාලකන්නි හැගීමක් විතරයි ඒ මගෙ හිත දැන් ගලක් කරල ඔයා යන්නම ගිහින් නිසා

අදට මාස හතරක්

මෙහ්,මන් වොශ් එකක් අරන් එන්නම්
අපෝ එපා ගද ගගහ ඉන්නවකො ඔහොම

ඔයා දිය වෙනවද ලමයෝ?

මන් ආවා ඔයා කෝ අයියේ? මෙච්චර වෙලා මොනවද අහ් කලේ? දියවුනාද?
නෑව අනේ ඉතින්, ඔයා කෑවද?
කෝ ඔයා?
ඉන්නව
ඔයා කෑවද අයියෙ?
තාම නෑ අනේ ඔයා එනකන් හිටියෙ
කමුකො එහෙනම්
අපෝ කන්නනම් බෑ අනේ, ඔයා කවනවනම් විතරක් කන්නම්
හරි ඉතින් බෙදන් එනවකො මැට්ටො
මෙහ් ඒක නෙමේ දැන් සනීපද ලමයට?
ටිකක් හොදයි අනේ.. කැස්සනන් තියෙනව් තාම
අපොයි එහෙනන් ඔයා කවල මටත් උණ හැදෙයිද දන්නෙ නෑ නෙහ්
එහෙම නෑ ඉතින්
එහෙනන් ඊයෙ කිව්වෙ අතේ තම හැම විසබීජයක්ම තියෙන්නෙ කියල
ඉතින් මැට්ටො අත හෝදලනෙ කවන්නෙ
හාකො හාකො මැට්ටියෙ.. මන් ටින් ගාල බෙදන් එන්නම්
ලමයෝ
කෝ ආ කියන්න ඉතින්
ආ...
මෙන්න රසම රස කටක්
ම්ම් රසායි
කෝ තාම කනවද ඉතින්?


නිදිද ලමයෝ?
තාම නෑ
අද නිකන් මැසේජ් කරන්න හරියට තරහින් වගේනෙ අහ්
අනේ එහෙම නෑ
හ්ම්ම්..
අනේ මට අමාරුයි අනේ.. ඒක නිසා ඔයාට එහෙම හිතෙනව ඇති
හ්ම්ම්..
ඇයි අනේ හ්ම්ම්?
නිකන් ඉතින්
අපෝ ඇයි මැට්ටො නිකන් ඉන්නෙ ඇදුමක් දාගන්නකො
බෑ අනේ ඇදුම් සේරම හෝදල
කවුද හේදුවෙ?
තාත්ත අනේ
ඇයි ඔයා බලන් හිටියද?
නෑ ඉතින් එයා තමා හෝදන්නෙ
පව් නේද?
නැතුව ඉතින් මම හෝදන්න දන්නෙ නෑනෙ
ඇත්තටම දන්නෙ නැද්ද?
ඉතින් අනේ මන් කවදාවත් හෝද…

උබට නොතේරෙන මගෙ ආදරේ

මන් මූන ඉබින කොට අහක බලාගන්න උබ ආදරේද අහද්දි සද්ද නොකර නිදිය ගන්න උබ හාදුවක් ඉල්ලද්දි වෙන කෙනෙක්ගෙන් ගන්න කියල මුලිදිම බින්ද මගෙ හිතේ ආයෙත් ටික ටික ආදරය දලු ලද්දි හිතුවෙ උබ වෙනස් වෙයි කියල ඒ උබේ හිත හොද නිසා ඒත් උබට ලෝකයක් වෙච්ච කෙනෙකුට වඩා මුලු ලෝකෙම උබට ලොකු වෙනකොට උබ ඒ ආදරය ගත්තෙ සෙල්ලමකට දැන් සතුටු වෙයන් පන වගේ ආදරයක් සෙල්ලමකට ගත්ත උබ හොදට සෙල්ලම් කරනව ඒ පන වගේ ආදරයක් රිද්දවල හිත රිද්දවල තව තව රිද්දන්න හදන උබ සතුටු වෙයන් දැන් මම මැරි මැරි උපදිද්දි මතක තියා ගනින් දවසක උබට ආදරය තේරෙයි එදාට උබ දුක් වෙද්දි උබ ගොඩක් පරක්කුයි කියල