Posts

Showing posts from 2015

මගෙ හිත හරිම නපුරුයි කෙල්ලෙ

එදා යන්න තිබ්බෙ වෙන ගමනක්
ඔව්, වෙනමම ගමනක්
එහෙම ගියානම් අපි දෙන්නගෙම මතකයන්
මේ තරම්ම දුක්බර නොවෙන්න තිබ්බ
ඒත් අපි ගියා, ඔව් අපි හිතුවත්, නොහිතපු විදියකට ගියා
ඔයා අඩපු කදුලු වල ගණකම.. හ්ම්ම්
ඒ කදුලුවලින් ඔයා ඇහුවෙ අපි කරන දේ තේරුම
මම දන්නව මම හොද මිනිහෙක් නෙමෙයි කියල
ඒත් මම නරක මිනිහෙකුත් නෙමෙයි කියල ඔයත් දන්නව
අපි දෙන්නම එදා ඒ වින්ද සතුට
දෙන්නට දෙන්න ලෝකෙට හොරෙන් වින්ද ආදරය
මම දන්නව ඒ ආදරය නෙමෙයි කියල
මම ආදරය කරන්න දන්න කෙනෙකුත් නෙමෙයි කියල
හැබැයි ඔයා, ඔයා මුලු හදවතින්ම කලේ ආදරේ
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒ ආදරේ.

"අනේමන්ද"

අපි යාලුවො.. ඔව් හොද යාලුවො.. මට උබ ඉද්දි මුලු ලෝකෙම මගේ ළග මන් දන්නව උබ මට මොනතරම් ආදරෙයිද කියල
ආදරේ?? වැඩක් නෑ මන් ආදරේ කරන්න දන්න එකෙක් නෙමේ මිනිස්සුන්ව රිද්දන්න විතරක් දන්න මහම මහ ආත්මාර්ථකාමියෙක් ඒත් මට බයයි ඔව් මට බයයි මම උබේ ජීවිතෙත් විනාශ කරයි කියල උබේ අම්මගෙ, මල්ලිගෙ, තාත්තගෙ අහිංසක හීන?? බෑ මට බෑ තවත් මේව සෙල්ලමකට ගන්න
ඒත් කොහොමද මම උබ නැතුව ඉන්නෙ මට වැරදෙද්දි ගොඩක් උන් හිනා උනා හැබැයි උබ, වැරදෙන තැන කියල දුන්න කොටින්ම උබ මගෙ ජීවිතේ කොටසක්
අනේමන්ද මට තේරෙන්නෙ නෑ හැමදාම වගේම අදටත් මට තේරෙන්නෙ නෑ ඔව් මන් ආදරෙයි උබට, වෙන කාටවත් වඩා ඒත්.....