"අනේමන්ද"
අපි යාලුවො.. ඔව් හොද යාලුවො..
මට උබ ඉද්දි මුලු ලෝකෙම මගේ ළග
මන් දන්නව උබ මට මොනතරම් ආදරෙයිද කියල
ආදරේ?? වැඩක් නෑ
මන් ආදරේ කරන්න දන්න එකෙක් නෙමේ
මිනිස්සුන්ව රිද්දන්න විතරක් දන්න මහම මහ ආත්මාර්ථකාමියෙක්
ඒත් මට බයයි
ඔව් මට බයයි මම උබේ ජීවිතෙත් විනාශ කරයි කියල
උබේ අම්මගෙ, මල්ලිගෙ, තාත්තගෙ අහිංසක හීන??
බෑ මට බෑ තවත් මේව සෙල්ලමකට ගන්න
ඒත් කොහොමද මම උබ නැතුව ඉන්නෙ
මට වැරදෙද්දි ගොඩක් උන් හිනා උනා
හැබැයි උබ, වැරදෙන තැන කියල දුන්න
කොටින්ම උබ මගෙ ජීවිතේ කොටසක්
අනේමන්ද මට තේරෙන්නෙ නෑ
හැමදාම වගේම අදටත් මට තේරෙන්නෙ නෑ
ඔව් මන් ආදරෙයි උබට, වෙන කාටවත් වඩා
ඒත්.....
mata hitene meka tanikarama manaskalpita deyak nemeda manda
ReplyDelete